
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනකුට පොලිතින් සහ පුවත්පත් කෑමට බලකළ බව කියන සිද්ධියෙන් පසු එම විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මාරුකර යවා ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පස්බාගේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවැසීය.
දැනට පවතින පරීක්ෂණ කටයුතු පහසු කරවීම සඳහා විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදුන් බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සිසුන්ගේ දිවා ආහාර විවේකයේදී සිසුන් 33 දෙනකුගෙන් යුත් පන්තියක මෙම සිද්ධිය සිදුවී ඇති අතර, ඔවුන්ගෙන් හත්දෙනකු පොලිතින් සහ පුවත්පත් පිටුවල ඔතා ඔවුන්ගේ ආහාර රැගෙන පැමිණ ඇත.
මෙම සිසුන් හත්දෙනා පාසල් බෑගයට පොලිතින් දමාගන්නට සැරසෙද්දී විදුහල්පතිවරයා මැදිහත් වී එම පොලිතින් සහ පුවත්පත් පිටු එම ස්ථානයේදීම ආහාරයට ගන්නා ලෙස සිසුන්ට නියෝග කළ බව සිද්ධිය ඇසින් දුටුවන් වාර්තා කර තිබේ.
අන් කිසිවක් කරගත නොහැනි සිසුන් විදුහල්පතිවරයාගේ අණ පිළිපදිමින් මෙම හානිකර ද්‍රව්‍ය අනුභව කර ඇත.
එහිදී පොලිතින් සහ පුවත්පත් ආහාරයට ගත් හත්දෙනා අතරින් 21 හැවිරිදි සහ 22 හැවිරිදි සිසුන් දෙදෙනකු පසුව ඔවුන්ගේ මාපියන් විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart