
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිලිපීනය සිය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික පියවර ගනිමින් සිටින බව Voice of America වාර්තා කරයි.
මෙහිදී, එක්සත් ජනපදය සමග මිලිටරි සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට පිලිපීනය තීරණය කර තිබේ.
ඒ අනුව, ඒක්සත් ජනපද අරමුදල් සමඟ, නවීකරණය කරන ලද ගුවන් පථයක්, නව තොටුපළක් හා සොල්දාදුවන්ට නවාතැන් ගැනීම සඳහා සියලු පහසුකම් ඇතුළුව කඳවුර අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇත.
2014 දී අත්සන් කරන ලද, ද්විපාර්ශ්වික ගිවිසුමක් වන Enhanced Defense Cooperation Agreement (EDCA) යටතේ මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පිලිපීනය නිදහස ලැබීමට පෙර 1898 සිට 1946 දක්වා එක්සත් ජනපදයේ භූමියක් ලෙස පාලනය වී ඇති අතර, 1951 දී දෙරට ආසියාවේ පැරණිතම එක්සත් ජනපද ආරක්ෂක ගිවිසුම් සන්ධානය ස්ථාපිත කරමින්, අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට එකඟ වී තිබේ.
පිලිපීනයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ජොනතන් මලයා, චීනය සමඟ භෞමික ආරවුල් මධ්‍යයේ ශක්තිමත් මිලිටරි පැවැත්මක අත්‍යවශ්‍ය පිලිබදවද අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart