
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ක්‍රීඩා ඇමැතිවරයා වෙත නිකුත් කරනු ලැබු අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව ක්‍රිඩා ඇමැතිවරයා විසින් පත්කළ රග්බි අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද(25) අභියාචනාධිකරණය හමුවේ දැනුම්දුන්නේය.
ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ගොනුකර තිබූ මෝසමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කරනු ලැබූ අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මෙම දැනුම්දීම සිදු කර ඇත.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් විසින් මෙම මෝසම සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබේ.
එම මෝසම සම්බන්ධයෙන් විරෝධය පළකර සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, මෙම කරුණ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන හෙයින්, ඊට අදාළව අභියාචනාධිකරණයට නියෝග නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව දැනුම් දුන්නේය.
ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන සඳහන් කළේ, මෙම මෝසම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවයි.
ඒ අනුව අදාළ මෝසම අගෝස්තු මස 03වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart