
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 22ක් වන අදාළ කාන්තාව ඝාතනය කර ඇත්තේ, මුල්ලියාවේලි නිරාවිපිඩ්ඩි ප්‍රදේශයේ නිවසේදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් බව පොලිසිය හෙළිකරගෙන තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ මව විසින් ලබාදුන් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්, මව ඇගේ නිවසට ගොස් පරීක්ෂා කර දියණිය නොමැති බව දැක, ඒ බව පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පොලිසිය සිදුකළ විමර්ශන ඔස්සේ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව හෙළිවී ඇත්තේ පසුගිය 21 වැනිදා රාත්‍රියේ අදාළ කාන්තාව ඝාතනය කර වළදමා ඇති බවයි.
මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලය රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart