
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානිය පදනම් කරගත් ගෝලීය දෙමළ සංසදය සිය ‘හිමාලයා’ ප්‍රකාශනය මත පදනම් වූ ජාතික සංවාදය සඳහා සූදානම් කිරීමේ දිස්ත්‍රික් මට්ටමේ වැඩමුළු ආරම්භ කර තිබේ.
වාර්ගික සංහිඳියාව සඳහාව සඳහා වන මෙම ව්‍යාපාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ද සහය තිබේ.
ඒ අනුව ‘හිමාලයා’ ප්‍රකාශනයේ ගුණාත්මක කරුණු පිළිබඳ සංවාද ප්‍රවර්ධනය කරන දිස්ත්‍රික් මට්ටමින් පළමු අන්තර් ආගමික සම්බන්ධීකරණ කමිටුව අද කුරුණෑගලදී ආරම්භ විය.
එවැනි වැඩමුළු 5ක් දැනට සැලසුම් කර තිබේ.
සර්වාගමික පූජ්‍ය පක්ෂය සහ සිවිල් සමාජ සාමාජිකයන් 150 දෙනෙකු සම්බන්ධීකාරකවරුන් ලෙස පුහුණු කිරීම කුරුණෑගල වැඩමුළුවෙන් අපේක්ෂා කෙරේ.
ඔවුන් ඉදිරි මාසවලදී සැලසුම් කර ඇති දිස්ත්‍රික්ක 25ක සංවාද සඳහා පහසුකම් සපයන ප්‍රධාන සම්පත් දායකයන් වනු ඇත.
සැලසුම් කර ඇති මෙම වැඩමුළු පහම දෙදින වැඩමුළු වන අතර එය රට පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.
මීළඟ වැඩමුළුව මහනුවර සහ සෙසු වැඩමුළු මඩකලපුව, මාතර සහ වවුනියාවේදී පැවැත්වෙනු ඇත.
මෙම සෑම වැඩමුළුවකටම අවට දිස්ත්‍රික්කවල පුද්ගලයන්ද සහභාගි කරවීමට නියමිතය.
කුරුණෑගල වැඩමුළුව සඳහා පුත්තලම සහ අනුරාධපුර ප්‍රදේශවලින්ද පිරිස සහභාගි වී සිටිති.
මෙම දිස්ත්‍රික්ක තුනෙන් ආසන්න වශයෙන් 30 දෙනෙකු පමණ සහභාගී වී සිටින අතර එයට බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික පූජකවරුන් සහ සෑම දිස්ත්‍රික්කයකම සිවිල් සමාජ සාමාජිකයන් ද ඇතුළත් විය.
‘හොඳ ශ්‍රී ලංකාව සඳහා වූ සංඝයා වහන්සේ ‘ නියෝජනය කරමින් සහභාගී වූවන් ඇතුළුව, පූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රත්නසාර හිමි, පූජ්‍ය කිතලගම හේමසාර නායක හිමි, පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමි සහ ගෝලීය දෙමළ සංසදය නියෝජනය කරමින් එක්සත් ජනපදයේ ආචාර්ය එලියාස් ජෙයරාජා යන පිරිස මීට සහභාගී වුහ.
සෑම දිස්ත්‍රික්කයක්ම අන්තර් ආගමික පුද්ගලයන් 5 දෙනෙකු සහ සිවිල් සමාජ සාමාජිකයකු බැගින් දිස්ත්‍රික්කයකට 6 බැගින් වන පිරිසක් ඇතුළත් වේ.
ඒ අනුව දිස්ත්‍රික්ක 25න් සම්බන්ධීකාරකවරුන් 150 දෙනකු යොදවනු ඇත.
සියලුම වැඩමුළු අවසන් වූ පසු ජාතික සංවාදය ආරම්භ වන බව සංවිධායකයන් ප්‍රකාශ කර තිබේ.
ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය ඉදිරි දිනවලදී දේශපාලන පක්ෂ අතර සංවාදයේ මාතෘකාව බවට පත්වනු ඇතැයි ද සැකයක් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart