
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය මගින් ජාතික ජන බලවේග ආණ්ඩුව තමන් ගැන අධිතක්සේරු කර ඇති බව ඔප්පු වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
ෆේස්බුක් වෙත අදහස් දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ, 2025 මැතිවරණ ප්‍රතිඵල ඔස්සේ පාලක පක්ෂයේ ඡන්දදායක සහයෝගයේ විශාල පහත වැටීමක් පෙන්නුම් කරන බවයි.
“ඡන්ද ප්‍රතිශතය පහත වැටීම කෙටි කාලයක් තුළ ආණ්ඩුවේ ජනප්‍රියතාවය දුර්වල වීමක් පෙන්නුම් කරයි,” හර්ෂ ද සිල්වා පැවසුවේ ආණ්ඩුවේ ‘අධිතක්සේරු කිරීමේ’ හේතුවන් මෙම තත්වය උදාවූ බවයි.
සමගි ජන බලවේගය සිය ඡන්ද ප්‍රතිශතය වැඩි දියුණු කරගෙන ඇතත්, එය තවමත් ප්‍රමාණවත් නොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
කෙසේවෙතත්, මෙම තත්වය නව ආරම්භයක් සනිටුහන් කරන බවට ඔහු ශුභවාදීව ප්‍රකාශ කරයි.
හර්ෂ ද සිල්වා පවසන්නේ, වත්මන් මහජන ජනවරමට ගරුකරන බව බවත්, රටට තීරණාත්මක අවස්ථාවන්හිදී රජයට කොන්දේසි සහිත සහාය ලබාදෙන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart