
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුඹුරේ වැඩකරමින් සිට මහන්සි බව පවසා අසල ඇති රේල් පාරේ හාන්සිවී සිටි පුද්ගලයෙක් මොල්ලිපතාන ප්‍රදේශයේදී කොළඹ බලා යන තැපැල් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි තඹලගමුව පොලිසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ, තඹලගමුව 10 කොළණියේ පදිංචි ට්‍රැක්ටර් රථ රියදුරෙක් වන ටී. සලීම් නමැති 34 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු තවත් පුද්ගලයන් දෙදෙනකු සමග කුඹුරේ වැඩකරමින් සිට ඇති අතර, මහන්සි යැයි පවසා මෙසේ රේල් පීල්ලේ හිස තබාගෙන නිදාගෙන සිටියදී දුම්රිය ධාවනය වී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart