
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව පරාජය කර ක්රිකට් ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීම සිය සැලසුම බව නෙදර්ලන්ත පිතිකරු තේජා නිදමනුරු ප්රකාශ කර ඇත.
නෙදර්ලන්තය සහ ශ්රී ලංකාව අතර තරගය හෙට පැවැත්වේ.
පසුගිය අඟහරුවාදා දකුණු අප්රිකාව ලකුණු 38කින් පරාජයට පත්කිරීමෙන් අනතුරව, නෙදර්ලන්තය හෙට තරගය වෙනුවෙන් සම්පුර්ණයෙන් සූදානම් බව තේජා ප්රකාශ කර තිබේ.
ලෝක කුසලාන තරගාවලියේ පරාජයන් තුනකින් පසුව ජයග්රහණයක් නොමැතිව සිටින එකම කණ්ඩායම ශ්රී ලංකාවයි.
සිම්බාබ්වේ හි පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්රී ලංකාව දෙවරක් නෙදර්ලන්තය පරාජය කළ නමුත් එය හෙට පැවැත්වෙන තරගයට ගැටළුවක් නොවන බවද තේජා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart