
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සපුගස්කන්ද – මාකොළ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 32 ක් සමඟ “කුඩු රැජින” නමැති 43 හැවිරිදි කාන්තාවක පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැය ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නිරෝෂන් ශ්‍රී චමිල් අබේකෝන්ගේ සහචරයෙකු බව අනාවරණ වී ඇත.
ඇය සන්තකයේ තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හෙරොයින් ග්‍රෑම් 506ක් ද, රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ ජංගම දුරකථනයක් දසොයාගෙන ඇත.
එසේම යතුරුපැදියක් , මෝටර් රථයක් සහ තවත් මෝටර් රථයක අංක තහඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart