
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙළදපොලෙහි අලෙවිවන භාණ්ඩ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද විධානවලට අනුකුලව නිෂ්පාදනය අලෙවිය සහ බෙදාහැරීම සිදුකල යුතු බව එම අධිකාරිය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ සබන් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් විසින් මෑතක සිට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචාරණය කරනු ලබන වෙළෙඳ දැන්වීම්වලදී අදාළ සබන් වර්ගය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙහි අනුමත සබන් නිෂ්පාදනයක් ලෙස සදහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවමින් කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කිසිදු ආයතනයක කිසිදු නිෂ්පාදනයක් සඳහා අදාළ වන වෙළඳ දැන්වීම් සඳහා කවර ආකාරයක හෝ අනුමැතියක් හෝ සහතිකයක් ලබාදී නොමැති බවත් පාරිභෝගිකයන් නොමග යවමින් සිදුකරනු ලබන එවැනි අසත්‍ය ප්‍රචාරණවලට නොරැවටෙන ලෙසත් ව්‍යාපාරිකයින් විසින් සිදු කරනු ලබන එවැනි අසත්‍ය ප්‍රචාරණයන් සම්බන්ධව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් සියලුදෙනා වෙත එම අධිකාරිය දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart