
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබුණු විවාදාත්මක චීන පර්යේෂණ නෞකාවක් ඉකුත් බ්‍රහස්පතින්දා මාලදිවයිනට ළඟා වූ බවට තහවුරු වී තිබේ.
ඒ, මාලදිවයින ඔවුන්ගේ සාම්ප්‍රදායික ප්‍රතිලාභියා වූ ඉන්දියාවෙන් බැහැරව චීනය දෙසට රාජ්‍යතාන්ත්‍රික දිශානතියක නවතම සලකුණු සටහන් කරමිනි.
මාලේ අගනුවර ආසන්නයේ පිහිටි තිලෆුෂි කාර්මික වරායේ දී අදාළ චීන Xiang Yang Hong 3 නෞකාව නැංගුරම් ලා ඇති බව එරට ජනමාධ්‍ය ප්‍රකාශ කර ඇත.
මීටර 100ක් දිග මෙම නෞකාව බ්‍රහස්පතින්දා සවස මාලේ අසල නැංගුරම් පොළක තිබූ බව Marinetraffic වෙබ් අඩවිය ද තහවුරු කරයි.
මාලදිවයිනේ චීන ගැති වත්මන් ආණ්ඩුව මීට පෙර කියාසිටියේ, නෞකාව සිය මුහුදු සීමාවේ සිටියදී ‘පර්යේෂණ’ සිදුනොකරනු ඇති බවට කොන්දේසියක් මත කාර්ය මණ්ඩල හුමවමාරුව සහ සැපයුම් භාරගැනීම සඳහා වරාය වෙත යාත්‍රා කෙරෙන බවයි.
කෙසේවෙතත් ඉන්දියාවේ ජනමාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ, මෙම යාත්‍රාව චීනය වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු සිදුකරනු ඇති බවයි.
බටහිරට දිවෙන ප්‍රධාන අන්තර්ජාතික නාවික මාර්ගවල අඩක් දුරින් පිහිටා ඇති ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආශ්‍රිත ඉන්දියන් සාගරයේ වැඩිවන චීනයේ බලපෑම පිළිබඳ ඉන්දියාව සැක මතුකර තිබේ.
පසුගිය වසරේ පැවති මාලදිවයින් ජනාධිපතිවරණයේ දී මොහොමඩ් මුයිසු ජය ලැබීමත් සමග ඉන්දියාව සහ මාලදිවයින අතර සබඳතාවල ගැටලු මතුවීමට පටන් ගැනිණි.
ඒ, මාලදිවයිනේ සිටින ඉන්දීය ආරක්ෂක භටයන් 89 දෙනෙකු මාර්තු 15 වැනිදා වන විට ඉවත් කර ගන්නා ලෙස මුයිසු ඉන්දියාවෙන් ඉල්ලා සිටීමත් සමගය.
කෙසේවෙතත් මාලදිවයින් ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ ඉන්දීය හමුදා සාමාජිකයක් චීන හමුදා සාමාජිකයන්ගෙන් ආදේශ කර නව දිල්ලිය සමඟ ඇති ගැටලු ඉහළ නැංවීමට තමාට අවශ්‍ය නොවනයි.
2022 වසරේ සිට චීන යාත්‍රා පැමිණීමට ඉදිරිපත් කෙරුණු වරාය ඇමතුම් දෙකකට ඉන්දියාවෙන් විරෝධතා මතුවීමෙන් පසු ශ්‍රී ලංකාව Xiang Yang Hong 3 වෙත ඇතුළුවීම ප්‍රතික්ෂේප කළේය.
චීන නෞකාව මාලදිවයින වෙත මෙලෙස ලඟා වී ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු තීරය ආසන්නයේ දින ගණනාවක් රැඳී සිටීමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart