
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ශූරතාවලියේදී ඕස්ට්‍රේලියානු 17 හැවිරිදි කෙටි දුර ධාවනශූර Gout Gout ඔහුගේ අසාමාන්‍ය දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ.
ඒ අනුව, ඔහු ඊයේ පැවැති තරගයේදී ලොව වේගවත්ම මීටර් 200 ධාවන කාලය වාර්තා කළ අතර, එය ඔහුගේම ඕස්ට්‍රේලියානු වාර්තාවක් බිඳහෙළීමක් විය.
එහිදී ඔහු ඉතිහාසගත වූයේ අවසන් තරගයකදී තත්පර 19.98ක කාලයක් වාර්තා කරමින් තත්පර 20ක බාධකය බිඳදැමූ පළමු ඕස්ට්‍රේලියානු ජාතිකයා ලෙසයි.
Gout මීට පෙර පීටර් නෝමන්ගේ ඔස්ට්‍රේලියානු මීටර් 200 වාර්තාව තත්පර 20.06කින් බිඳ දැමුවේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 16ක් වූ අතර එය 1968 සිට පැවති වාර්තාවකි.
ඊට පෙර දින ඔහු මීටර් 100 ඉසව්වේ තත්පර 10.04ක පෞද්ගලික හොඳම දක්ෂතාවක් දක්වමින් අවුරුදු 18න් පහළ ක්‍රීඩකයකුගේ ඉතිහාසයේ වාර්තා කළ සිව්වැනි වේගවත්ම කාලය සටහන් කළේය.
ඉරිදා අවසන් මහා තරගයේ ඔහුගේ කාලය නිල වශයෙන් වාර්තා නොකෙරෙන නමුත්, Gout මීටර් 200 දිවීම සඳහා වයස අවුරුදු 20 ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට එක් වේ.
මෙය ජවන හා පිටිය තුළ සර්වකාලීන විශිෂ්ටයෙකු බවට පත්වීමට Gout ට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරයි.
ඇතැම් ක්‍රීඩා විචාරකයන් Gout ජනප්‍රිය කෙටි දුර ධාවන ක්‍රීඩක උසේන් බෝල්ට්ගේ තරුණ වියට පෙනුමෙන් සමාන අයෙකු ලෙස විස්තර කර තිබේ.
සෙනසුරාදා පැවැති ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ශූරතාවලියේදී 20න් පහළ මීටර් 100 ශූරතාවට ද Gout හිමිකම් කීවේ තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් ය.
ඔහු මීළඟට තරග කිරීමට නියමිතව ඇත්තේ මාර්තු 29 වැනිදා මෙල්බර්න් නුවර පැවැත්වෙන Maurie Plant ධාවන ඉසව්වටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart