November 10, 2025

අනුරාධපුරය, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අනතුරින් පුද්ගලයින් 42  ක් පමණ තුවාල ලබා ඇත.

ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බව ද වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් ගමන් කරමින් සිට තිබේ.