
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ලකුණු පරතරයකින් තරගයක් ජයගැනිමේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තබා තිබූ වාර්තාව බිඳදැමීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.
එංගලන්තයට එරෙහිව මුම්බායි හි පැවැති ටෙස්ට් තරගය ලකුණු 347කින් ජයග්‍රහණය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම බිඳහෙළුවේ 1998 වසරේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව කොළඹ දි ලබා තිබූ ලකුණු 309ක ටෙස්ට් වාර්තාව විය.
තරගයේ පළමු ඉනිම සදහා ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 428ක් රැස්කළ නමුත් එංගලන්ත කාන්තා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 136කට සීමාවූයේය.
දිප්ති ෂර්මා කඩුලු 05ක් දවා ගත්තාය.
දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී තිබියදී ඉනිම අත්හිටවූ ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 186ක් රැස්කළේ තරගය ජයගැනිමට එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 479ක ඉලක්කයක් ලබාදෙමිනි.
කෙසේවෙතත්, යළි ක්‍රියාත්මක වු ඉන්දීය කාන්තා කණ්ඩායමේ දිප්ති ෂර්මා කඩුලු 04ක් එංගලන්තයේ බිඳහෙළීම හමුවේ ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 13කට සීමාවුයේ ඉන්දීය කාන්තා කණ්ඩායමට වාර්තා ගත ලකුණු 347ක ටෙස්ට් ජයක් හිමිකර දෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart