
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතලේ ප්‍රදේශයේ පසුගියදා 17 හැවිරිදි පිරිමි ළමයකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා පැවති විරෝධතාවක් හේතුවෙන් ඊයේ එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් වාර්තාවිය.
ඝාතනයට ලක්වූ පිරිමි දරුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ එක් මිතුරෙකුගේ පෙම්වතිය හමුවීමට ගොස් ඇති බව වාර්තා වේ.
එහිදී මෙම පිරිමි ළමුන් තිදෙනාට පෙම්වතිය බව පැවසෙන දැරියගේ පියා ඇතුළු පිරිසක් විසින් පහරදීම හේතුවෙන් 17 හැවිරිදි පිරිමි ළමයා මියගොස් තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට දැරියගේ පියා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වින්දිතයාට යුක්තිය ඉල්ලා අද උතුරු මාතලේ ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත් වූ අතර, ඒ හේතුවෙන් මහනුවර – යාපනය, ඒ 9 මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart