
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයක් භාරයේ සිටි 17 හැවිරිදි පිරිමි ළමයකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ යෞවනයා සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අනතුරුව, අධිකරණයේ නියෝගය පරිදි ඔහු ළමා ආරක්ෂක අධිකාරියේ භාරයට පත්කරන ලද ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ තබා ඇත.
රඳවා තබාගෙන සිටියදී අසනීපයකට ගොදුරු වූ බවට සටහන් වූ මූලික වාර්තාවලට පටහැනිව, ඔහුගේ මරණය පහරදීමක ප්‍රතිඵලයක් බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
මෙම ප්‍රතිඵලය අනුව කල්මුණේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි පාලිකාව අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය යෞවනයා මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart