
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ පැවැත්වූ තේපැන් සංග්‍රහයේ වියදම් සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා, මෑත කාලීනව පළවූ ප්‍රවෘත්ති ලිපියකින් ඉස්මතු කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමුකර තිබේ.
අදාළ වාර්තාව පෙන්වා දී තිබුණේ, 2020 අගෝස්තු 20 වැනි දින නවවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරයෙන් පසුව පැවැත්වූ තේ පැන් සංග්‍රහය සඳහා වැය වූ මුළු මුදල රු. 287,340 ක් බවත්, 2024 නොවැම්බර් 21 වැනි දින දහවැනි පාර්ලිමේන්තුවේ තේ පැන් සංග්‍රහය සඳහා වැය වූ මුදල රු. 339,628.55ක් බවතය.
2020 සහ 2024 තේපැන් සංග්‍රහ සඳහා වාර්තා වූ වියදම්වල වෙනස්කම් එම කාලසීමාව තුළ පවතින වෙළෙඳපොළ මිල වෙනස්වීම්වලට හේතු වී ඇති බව පාර්ලිමේන්තුව පෙන්වා දී තිබේ.
මෙම ප්‍රධාන වෙනසට මූලික වශයෙන් හේතු වී ඇත්තේ උද්ධමනය සහ අතරමැදි වසර හතර තුළ මුහුණ දුන් ආර්ථික අභියෝග බව පාර්ලිමේන්තුව පවසයි.
“උද්ධමනය සහ පුළුල් ආර්ථික පසුබෑම හේතුවෙන් භාණ්ඩ හා සේවා සඳහා වෙලඳපොල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2020 සහ 2024 අතර පිරිවැය 100% කින් පමණ ඉහල යෑමට හේතුවිය,” යනුවෙන් එම නිවේදනයේ දැක්වෙයි.
මේ අතර, රැස්වීම්වල විෂය පථය සහ පරිමාණය පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරාධිත ප්‍රභූවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා ආහාරපාන මෙම උත්සවයේ වියදම්වලට අයත් බවඑහි වැඩිදුරටත් සඳහන් වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart