
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආනයනික පොල්තෙල් සහ පාම්තෙල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) ඉවත් කිරීමට රජය ගෙන ඇති යෝජනාව දේශීය පොල්තෙල් කර්මාන්තයට හානි කරන බව දේශීය නිෂ්පාදකයෝ පවසති.
2026 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිපත්තිය, ආනයනික තෙල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, අගය එකතු කළ බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) ඇතුළු සාමාන්‍ය බදු ව්‍යුහය සමඟ ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර, එමගින් දේශීය නිෂ්පාදකයන් සඳහා සමාන තරඟකාරී පිටියක් නිර්මාණය කිරීමට අදහස් කරන බව රජය සඳහන් කර ඇත.
කෙසේවෙතත්, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් නියෝජනය කරන සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා චෝදනා කළේ මෙම යෝජනාව පාම්තෙල් විශාල වශයෙන් ආනයනය කරන ලද පස් දෙනෙකු ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කර ඇති බවයි.
“මෙය හුදෙක් මෙම පාම්තෙල් ආනයනකරුවන් ආරක්ෂා කරන එකක්; ඔවුන්ට පමණක් පාම්තෙල් ආනයනය කිරීමට බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා – සාමාන්‍ය ආනයනකරුවන්ට අවසර නැහැ,” යැයි ඔහු පැවසුවේය.
නව බදු ක්‍රමය සමඟ රු. 275ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.160-170 දක්වා අඩු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් පොල්තෙල් ආනයනය සඳහා වන බද්ද රුපියල් 15-20කින් පමණ ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.
ඒ අනුව, පොල්තෙල් ආනයන මිල සුළු වශයෙන් ඉහළ ගියද, පාම් තෙල් ආනයනය වෙළඳපොලේ අඩු මිලකට සිදුවනු ඇතැයි ඔහු තර්ක කරයි.
මෙම පියවර පාම් තෙල් ආනයනය වැඩි දියුණු කරනු ඇති බවට ද සිල්වා තවදුරටත් චෝදනා කළේය.
“බලපත්‍රය ලබාගෙන ඇති මෙම සමාගම් පහට ප්‍රතිලාභ ලැබෙයි. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට පාම් තෙල් සමඟ තරඟ කිරීමට නොහැකි වේවි, මන්ද ඒවායේ පිරිවැය ඉතා අඩුයි. මෙම පියවර ශ්‍රී ලංකාවේ පොල්තෙල් නිෂ්පාදකයන් විනාශ කරන්න ඉඩ තියෙනවා.” යැයි ඔහු පැවසීය.
“ඉල්ලුම අඩු වෙමින් පවතින නිසාත්, විශේෂයෙන් එය සෞඛ්‍ය සම්පන්න නොවන බව සඳහන් කරමින් ඉන්දියාව ආනයන සීමා කර ඇති නිසාත් පාම් තෙල් සඳහා අන්තර්ජාතික වටිනාකම අඩුයි. අනෙක් අතට, ශ්‍රී ලංකාව පාම් තෙල් ආනයනය ප්‍රවර්ධනය කරනවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
තවද, ලාභදායී පාම් තෙල් දූෂණයන්ට හේතු වන බවත්, වෙළඳුන් පොල්තෙල් සමඟ පාම් තෙල් මිශ්‍ර කර පොල්තෙල් ලෙස අලෙවි කරන බවත් ඔහු අනතුරු ඇඟවීය.
කෙසේවෙතත්, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග සඳහන් කළේ, මෙම ප්‍රතිපත්තිමය වෙනස මගින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සහ දිරිමත් කිරීම මෙන්ම අපනයනයන්ට සාපේක්ෂව දේශීය නිෂ්පාදන වඩාත් තරඟකාරී වන බව සහතික කිරීම අපේක්ෂා කරන බවයි.
වර්තමානයේ, දේශීයව නිෂ්පාදනය කරන ලද පොල්තෙල් සහ පාම් තෙල් වැට් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන අතර, ආනයනික පොල්තෙල් සහ පාම් තෙල් පිළිවෙළින් කිලෝග්‍රෑමයකට රු. 150 සහ කිලෝග්‍රෑමයකට රු. 275 බැගින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් වේ.
මේ අතර, දේශීයව නිෂ්පාදනය කරන ලද තෙල් සඳහා වැට් 18%ක් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5%ක් අය කරනු ලබන අතර, එමඟින් ඒවා වඩාත් මිල අධික හා තරඟකාරීත්වය අඩු වේ.
“විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවූ විට, කිසිදු අගය එකතු කිරීමකින් තොරව නිෂ්පාදිතය විකුණනු ලැබුවහොත් වැට් හෝ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඊට ඉහළින් පැනවිය නොහැකියි. උදාහරණයක් ලෙස, ආනයනික පිරිපහදු කළ පොල්තෙල් සඳහා දැනට රු. 150ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අය කරනවා, ඒ නිසා වැට් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මේ සඳහා පැනවිය නොහැකියි.” යැයි ඔහු සඳහන් කළේය.
“කෙසේවෙතත්, දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සඳහා වැට් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යන දෙකම පනවනවා. එහි ප්‍රතිඵලයක් හැටියට දේශීයව නිෂ්පාදනය කරන ලද පොල්තෙල්වල මිල වැඩි වෙනවා. මෙම යෝජනාවෙන් මෙම අසමතුලිතතාව ඉවත් කිරීමට අදහස් කරනවා.” ඔහු පැවසීය.
කාර්මික වශයෙන් පමණක් අලෙවි කරන පාම් ඔයිල් සඳහා, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීම නිසා එය දැන් රේගු ආනයන බදු, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, අගය එකතු කළ බද්ද සහ වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්දට යටත් වන බව ඔහු සඳහන් කළේය.
මෙම ප්‍රතිපත්ති මාරුවට පෙර දේශීය පොල්තෙල් කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව රණතුංග සඳහන් කළේය.
මෙමගින් දිගු කාලීනව දේශීය පොල්තෙල් වෙළඳපොළ ස්ථාවර කිරීමට සහ දේශීයව නිෂ්පාදනය කරන ලද තෙල්වල තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart