October 5, 2025

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හෙට තංගල්ල පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී ඇත.

‘බෙලිඅත්තේ සනා’ නමැත්තකු පිළිබඳව ජනමාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හෙට පෙරවරු 10ට තංගල්ල පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස විමල් වීරවංශට දැනුම්දී තිබේ.