
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාමේෂ්වරම් හි ධීවරයන් දින අටක් පුරා දියත්කර තිබූ වැඩවර්ජනය ඊයේ අවසන් කර තිබේ.
ඒ, මෙරට බලධාරීන්ගේ භාරයට පත්වූ ධීවර බෝට්ටු හිමි ධීවරයින්ට සහ මෙරට සිරකඳවුරුවල සිටින ඉන්දීය ධීවරයන්ගේ පවුල් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර ඉහළ දැමීමට තමිල්නාඩු මහ ඇමති එම් කේ ස්ටාලින් විසින් පියවර ගෙන දිනකට පසුවය.
ඊට සමගාමීව රාමේෂ්වරම් හි ධීවරයන් මාර්තු 1 වැනිදා ආරම්භ කළ දින නියමයක් නොමැතිව උපවාසය ද අතහැර තිබේ.
එම තීරණය ජනමාධ්‍ය වෙත නිවේදනය කරමින් ධීවර නායක සහ කැඳවුම්කරු වී.පී. ජේසුරාජා පැවසුවේ, සංගම් නියෝජිතයන්ගේ රැස්වීමකදී උද්ඝෝෂණය නතරකිරීමට තීරණය කළ බවයි.
අත්අඩංගුවට ගත් බෝට්ටු හිමිකරුවන්ට රුපියල් ලක්ෂ 6 සිට 8 දක්වා මුල්‍ය ආධාර සහ අත්අඩංගුවට ගත් ධීවරයන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා දෛනික ආධාර රුපියල් 350 සිට 500 දක්වා වැඩිකිරීම සම්බන්ධයෙන් ස්ටාලින්ට ස්තුතිය පළකරන ලද යෝජනාවක් රැස්වීමේදී සම්මත වී තිබේ.
තමිල්නාඩුවේ මන්ත්‍රීවරුන් හරහා මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුකර තත්ත්වය පිළිබඳව නිලධාරීන් දැනුවත් කර සිරගතව සිටින ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු ආරක්ෂිතව මුදාහැරීමට වගබලා ගන්නා ලෙස උපදෙස් දීම පිළිබඳව ධීවරයෝ මහඇමැතිවරයාට ස්තූති කළහ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවර නායකයන් සමඟ සංවාදයක් පැවැත්වීමට උදව් කරන ලෙස ධීවර සංගම් මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.
“අපි අපේ ගැටලු පැහැදිලි කර ඔවුන්ට ඔවුන්ගේ දුෂ්කරතා බෙදාගැනීමට ඉඩ දෙනවා” යනුවෙන් ජේසුරාජා පවසා ඇති අතර ධීවරයන් සහ ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රා ආරක්ෂිතව මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉහළම මට්ටම් සමඟ සාකච්ඡා කරන ලෙස ඔවුහු මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.
සාම්ප්‍රදායිකව පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට ස්ථිර විසඳුමක් ද ලබා දී සහනයක් ලබාදිය යුතු බව ද ඔවුන් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart