
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව තමිල්නාඩුවේ තංගචිමඩම් සහ රාමේෂ්වරම් ප්‍රදේශවල ධීවරයන් සිය පවුල්වල සාමාජිකයන් සමග උපවාසයක් ආරම්භ කර තිබේ.
“ශ්‍රී ලංකා රජය අපේ ධීවරයන් පස්දෙනෙකු සිරගත කර තිබෙනවා. ඔවුන්ට මාස හයේ සිට වසර දෙක දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. අපි දැන් පසුගිය දින අට තුළ මුහුදට ගියේ නැහැ,” තමිල්නාඩුවේ ධීවර නායක පී.ජේසුරාජා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබිණි.
සියලුම ධීවරයන් කොන්දේසි විරහිතව නිදහස් කරනතුරු සෙනසුරාදා ආරම්භ කළ උපවාසය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා රජය මින් ඉදිරියට ධීවරයන් අත්අඩංගුවට නොගන්නා බවට සහතිකයක් දියයුතු බවත් ඔහු පැවසීය.
කුසගින්නෙන් මිය ගියද උපවාසය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දකුණු ඉන්දීය ධීවර සංගම් නායකයෝ පැවසූහ.
ධීවරයන් ඔවුන්ගේ යාන්ත්‍රික බෝට්ටු සමඟ නිදහස් කර ගැනීමට වහාම මැදිහත් වන ලෙස ජේසුරාජා ඉන්දීය මධ්‍යම රජයෙන් ද ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart