
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසාධාරණ පීඩනයක් එල්ල කෙරෙනවා නම් චීනයේ ක්‍රියාත්මක දැවැන්තතායිවාන තාක්ෂණ සමාගම්වලට එරටින් ඉවත්වීමට සිදුවනු ඇති බව තායිවානයේ උප ජනාධිපතිවරයා අනතුරු අඟවයි.
උප ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලබන්නේ, චීන බලධාරීන් තායිවාන තාක්ෂණික දැවැන්තයකු වන ‘ෆොක්ස්කොන්’ සම්බන්ධයෙන් පරීක්ෂණයක් දියත් කිරීමෙන් පසුවය.
තායිවානය පදනම් කරගත් සමාගම – ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගෙන් එකක් සහ Apple හි iPhone සඳහා ප්‍රධාන සැපයුම්කරුවෙක් ලෙස කටයුතු කරනු ලබයි.
කෙසේවෙතත් චීන බලධාරීන් පරීක්ෂණ පවත්වන්නේ කුමක් සම්බන්ධයෙන්ද යන්න හෝ ෆොක්ස්කොන් විසින් සිදු කර ඇති වැරදි කිසිවක් මෙතෙක් අනාවරණය කර නැත.
“අදාළ මෙහෙයුම් සඳහා” අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව සමාගම ප්‍රකාශ කර ඇත.
මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ, ස්වයං පාලිත තායිවානය ජනවාරියේ ජනාධිපතිවරනයට සූදානම් වෙමින් සිටියදීය.
තායිවාන ව්‍යාපාර “අසාධාරණ ලෙස පීඩනයට” ලක්වුවහොත්, චීනයේ ප්‍රධාන භූමියෙන් ඉවත් විය හැකි බවට වත්මන් මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින තායිවාන ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ (DPP) ප්‍රධානියා වන උප ජනාධිපති Lai Ching-te අනතුරු අඟවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart