
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිඩ්නි නුවර කාර්යබහුල වීදියකදී වෙඩි වෙඩි තබා පුද්ගලයන් 20 දෙනෙකු තුවාල කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම ත්‍රස්තවාදයට හෝ කල්ලි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සාක්ෂි නොමැති බව පොලිසිය අද(6) ප්‍රකාශ කළේය.
නගරයේ අභ්‍යන්තර බටහිර ප්‍රදේශයේ වීදියකට ඊයේ සවස පොලිසිය කැඳවා තිබුණේ තුවක්කුකරුවකු ඔහු පසුකර යන මෝටර් රථ සහ පොලිසියට වෙඩි තබමින් සිටියදීය.
කාර්යාල සේවක ජෝ අසාර් පැවසුවේ තමා පාර හරහා වැඩ කරමින් සිටියදී ගිනිකෙළි පත්තුවන හෝ ජනේලවලට ගල් විසි කරනවා වැනි ශබ්ද ඔහුට ඇසුණු බවයි.
“එක් වාහනයක ඉදිරිපස වීදුරුව පුපුරා ගියා, පසුව බස් නැවතුම්පොළේ වීදුරුව කැඩී ගියා,” අසාර් සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පතට පැවසීය.
“ඒක වියරුයි. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදු වුණා. සිදුවන්නේ කුමක්ද යන්නවත් මට තේරුම් ගැනීමට නොහැකි වුණා,” යැයි ඔහු තවදුරටත් පැවසීය.
නිව් සවුත් වේල්ස් පොලිසියේ වැඩබලන අධිකාරී ස්ටීවන් පැරී පැවසුවේ වෙඩි 50ත් 100ත් අතර ප්‍රමාණයක් එල්ල වී ඇති බවයි.
විශාල පොලිස් කණ්ඩායමක් ප්‍රදේශය පුරා රැස් වී වීදිය වසා දැමූ අතර, පසුව ව්‍යාපාරයක ඉහළින් පිහිටි ඒකකයකට ඇතුළු වී 60 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සිද්ධිය වූ ස්ථානයෙන් රයිෆල් දෙකක් ද සොයාගෙන තිබිණි.
අත්අඩංගුවට ගැනීමේදී ඇති වූ තුවාල සඳහා චූදිත වෙඩික්කරු රෝහල් ගතකර ප්‍රතිකාර කිරීමට කටයුතු කර තිබේ.
චෝදනා එල්ල වූ තුවක්කුකරුට එරෙහිව තවමත් කිසිදු චෝදනාවක් ගොනු කර නොමැත.
සිද්ධියෙන් පසු වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයකු රෝහල් ගතකර ඇති අතර ඔහු බරපතළ තත්ත්වයේ පසුවන බව පොලිසිය පැවසීය.
තවත් 19 දෙනෙකුට කැබලි හෝ කැඩුණු වීදුරු නිසා ඇති වූ තුවාල සඳහා ප්‍රතිකාර ලබා දී ඇති අතර කිහිප දෙනෙකු රෝහල් ගතකර ඇත.
නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මැල් ලැන්යන් මෙම වෙඩි තැබීම ‘බරපතළ හා භයානක’ එකක් ලෙස හඳුන්වයි.
තුවක්කුකරුගේ චේතනාව අපැහැදිලි නමුත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ කිසිදු කල්ලි ක්‍රියාකාරකමක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු ප්‍රාදේශීය ගුවන් විදුලි නාලිකාවක් වන 2GB වෙත පැවසීය.
පොලිස් පරීක්ෂණයක් සිදුවෙමින් පවතී.
ඕස්ට්‍රේලියාවේ සමූහ වෙඩි තැබීම් සාපේක්ෂව දුර්ලභ සිදු වීමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart