May 20, 2025

ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිද්ධි කිහිපයකට සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය සංහිඳ සෙවණ නිවාස සංකීර්ණය අසලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළොන්නාවේ පදිංචි 25 හැවිරිදි අයකු බව හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

වැඩිදුර විමර්ශනවලදී සැකකරු විසින් සොරකම් කරන ලද බවට වාර්තා වන ත්‍රිරෝද රථ දෙකක් වැල්ලම්පිටිය සහ කැළණිය පොලිස් කොට්ඨාශයෙන් සොයගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය අඛණ්ඩව පරීක්ෂණ පවත්වයි.