
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගංජා ග්‍රෑම් පහක් ළඟ තබාගෙන සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඛෙලිඅත්ත පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා තබා සිටියදී පුද්ගලයකුගෙන් ගංජා ලබාගෙන පානය කළ බව කියන පොලිස් සැරයන්වරුන් තිදෙනකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ පෙරේදා (8) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
තංගල්ල සහකාර පොලිස් අධිකාරි (I)ට ලැබුණු තොරතුරක් මත මූලික විමර්ශනයක් පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම පොලිස් නිලධාරීන් පස්දෙනාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසිනි.
ගංජා ග්‍රෑම් පහක් ළඟ තබාගෙන සිටියේ යැයි කියමින් අත්අඩංගුවට ගැනුණු සකකරුවකු අධිකරණයට ඉදිරිපත් කරන තෙක් බෙලිඅත්ත පොලිසියේ සිර මැදිරියේ රඳවා තබාගෙන සිටිය දී ඔහුට එක් පොලිස් නිලධාරියකු පිටතින් ගංජා ගෙනැවිත් ලබාදී තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව උසස් පොලිස් නිලධාරියා කීය.
පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරු ලවා ගංජා සුරුට්ටු ඔතවාගෙන පානය කර තිබෙන බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරු ද ගංජා පානය කර තිබෙන බව කියති. පොලිස් සිර මැදිරිය තුළ තිබී ගංජා මිලි ග්‍රෑම් 280ක් පසුව පොලිසිය විසින් සොයාගනු ලැබීය.
වැඩ තහනමට ලක්කළ මෙම පොලිස් නිලධාරින් පස්දෙනා සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart