
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතුරුදන් වී සති කිහිපයකට පසු ඝාතනය කර තිබියදී සොයාගත් කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයාගේ පෙම්වතිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉලුක්හේන – වස්සාවුල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සැකකාරිය ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
කුලියාපිටිය – කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි සුසිත ජයවංශ නමැති තරුණයාගේ අතුරුදන්වීම පිළිබඳව පසුගිය අප්‍රේල් 22 වැනිදා වාර්තා වූ අතර, ඔහු අවසන් වරට සිය පෙම්වතියගේ නිවසට පැමිණ ඇත්තේ ඇයගේ පියාගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුවය.
පසුව මැයි 07 වැනිදා අතුරුදන් වූ තරුණයාගේ සිරුර මාදම්පේ ප්‍රදේශයේ පනිරෙන්දාව රක්ෂිතයේ තිබී සොයාගැනිණි.
අතුරුදන්වීමෙන් පසු ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ, අතුරුදන් වූ තරුණයාගේ පෙම්වතිය සහ ප්‍රධාන සැකකරුගේ පුතුන් දෙදෙනා මෙන්ම ප්‍රධාන සැකකරුගේ සහෝදරිය සහ ඇයගේ සැමියාද නිවෙස් අතහැර ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා විය.
ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘සිඟිති’ නමින් හැඳින්වෙන සුජිත් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ වන ඩිලානි රසිකා යන අය මැයි මස 06 වැනිදා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart