May 30, 2025

සරණාගතයකු ලෙස නම් කරන ලද පුද්ගලයකු යාපනයේ පලාලි ගුවන්තොටුපළට ආපසු පැමිණීමේදී ඔහු රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ගත් පියවර ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රශ්න කරයි.

සරණාගතයකු ලෙස එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) විසින් මෙම පුද්ගලයා නම් කර ඇති බවත්,එසේ පැමිණි පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා තබාගැනීමට පියවර ගෙන ඇති බවත් ඔහු පවසයි.

සිය ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පැවැසූවේ, 75 හැවිරිදි අදාළ පුද්ගලයා නියමිත සියලු ආයතනවලින් අවශ්‍ය සියලු අවසරයන් ලබාගැනීමෙන් පසු ඉන්දියාවේ කඳවුරකින් ආපසු පැමිණ ඇති බවත්, ඔහුගේ නැවත පැමිණීමට එම එරට මහකොමසාරිස් කාර්යාලයෙහි සහාය ලැබී ඇති බවත්ය.

කෙසේවෙතත්, සියලු අවසරයන් සහිත අදාළ ලියකියවිලි තිබියදීත්, ඊයේ (29) පලාලි ගුවන්තොටුපොළේදී ආගමන නිලධාරීන් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඔහු තවදුරටත් පවසයි.

පසුව අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, ඇප ලබාදීමට විරුද්ධ වීමෙන් ලබන ජුනි 05 දින දක්වා ඔහු රිමාන්ඩ් භාරයේ තබා ඇති බව සුමන්තිරන් සන්ද්දහන් කරයි.

මෙම සිදුවීම නැවත පැමිණීමට නියමිත ලියාපදිංචි වී ඇති සරණාගතයන් 10,000 ක් බිය ගැන්වීමට රජය ගත් පියවරක් ද යන්න සම්බන්ධයෙන් නීතිඥයකු ලෙස සුමන්තිරන් නඩුව නියෝජනය කරන පුද්ගලයාගේ දුක්ඛිත තත්ත්වය ඉස්මතු කරමින් ප්‍රශ්න කළේය.