
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සතු විධායක බලතල පිළිබඳ පළකරන ඉඟි පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සිය විරෝධය පළකර තිබේ.
ඒ සම්බන්ධයෙන් චෝදනා කරමින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කියාසිටියේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය සහ ඔහු සතු විධායක බලතල පෙන්වාදෙමින් තර්ජන එල්ල කරන බවයි.
“පාර්ලිමේන්තුවේ තමන්ට 2/3ක් තියෙනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තර්ජනය කරනවා. ඔහු තමන් සතු විධායක බලය ගැන ද සඳහන් කරනවා. එය බලය දූෂිතව භාවිත කිරීමක්” සුමන්තිරන් පවසයි.
යාපනයේ බහුතර බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ගණනය කිරීම් පිළිබඳව ද එම්.ඒ. සුමන්තිරන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියි.
සුමන්තිරන් මෙම අදහස් පළකර තිබුණේ, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙසයි.
ජාතික ජන බලයට බලය හිමිව ඇති පළාත් පාලන ආයතනවල මහජන වරම පැහැරගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තමා සතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart