
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ආහාර වැඩසටහන (WFP) යටතේ පාසල් වෙත බෙදා හැරීමට නියමිත සහල් සහ පරිප්පුවල ප්‍රමිතිය පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැඩි අවධානය යොමු කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ චෝදනා කරන්නේ පාසල් ආහාර වැඩසටහන සඳහා වේයන්ගොඩ ප්‍රදේශයේ රජයේ ගබඩාවක ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු තොග ප්‍රමිතියෙන් තොර බව අනාවරණ වී ඇති බවයි.
සහල් සහ පරිප්පුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාසල්වලින් ලැබුණු පැමිණිලි රැසක් මත එම සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බවත් සාම්පල බහුතරයක් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ බවත් උපුල් රෝහණ පවසයි.
ඔහු අවධාරණය කරන්නේ කෘමි හානි හේතුවෙන් අදාළ සහල් තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බවයි.
මෙම සහල් තොග පාසල් ළමුන් සඳහා පෝෂ්‍යදායී දිවා ආහාර නොමිලේ ලබාදීමේ අරමුණින් රජය සහ ලෝක ආහාර වැඩසටහන අතර ඒකාබද්ධව කෙරෙන පාසල් ආහාර වැඩසටහන සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.
මෙම සොයා ගැනීමත් සමඟ ගබඩාවෙන් තොග නිකුත් කිරීම අත්හිටුවීමට බලධාරීන් වහා පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart