
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජපක්ෂවරුන්ගේ සම්ප්‍රදාය ඉන්දියාව ‘පවුලක්’ ලෙස පිළිගන්නා බැවින් නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස පැමිණීම සතුටට කරුණක් බව ඉන්දියාවේ හිටපු කැබිනට් ඇමැතිවරයකු සහ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයකු වන සුබ්‍රමනියන් ස්වාමි පවසයි.
නාමල් සිය මංගල ජනාධිපතිවරණ රැළිය අගෝස්තු 21 වැනිදා ආරම්භ කරන බවට උතුරු පළාතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ගීතනාත් කාසිලිංගම් ප්‍රකාශ කර තිබිණි.
එම ප්‍රකාශකට පිළිතුරු දෙමින් ස්වාමි කියා සිටියේ අනෙකුත් අසල්වැසි රටවල නායකයන් මෙන් නොව ඉන්දියාවේ නාමල්ට උණුසුම් පිළිගැනීමක් තිබෙන බවයි.
එල්.ටී.ටී.ඊ.යට එරෙහි යුද්ධය මහින්ද රාජපක්ෂ අවසන් කිරීම නිසා රාජපක්ෂවරුන්ට මෙම පිළිගැනීම ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.
සුබ්‍රමනියන් ස්වාමි යනු රාජපක්ෂ පවුලේ දීර්ඝ කාලින මිත්‍රයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart