
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාගර පත්ලේ ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සංචාරක සබ්මැරීනයේ මගීන් පස්දෙනා “ව්‍යසනකාරී පිපිරීමකින්” මිය ගිය බව බලධාරීහු බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළහ.
ලොව ප්‍රසිද්ධම නැව සුන්බුන් වූ ස්ථානය අසල දින පහක කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව ඔවුන් මේ බව දැනුම්දී තිබේ.
ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600 ක් පමණ දුරින්, උතුරු අත්ලාන්තික් සාගරයේ ගැඹුරින් සහ මැසචුසෙට්ස් හි කේප් කෝඩ් සිට නැගෙනහිරින් 900 ක් පමණ දුරින් සබ්මැරිනයක වලිග කේතුව සහ අනෙකුත් සුන්බුන් සොයාගෙන තිබේ.
මේ අතර සුප්‍රසිද්ධ ටයිටනික් චිත්‍රපටයේ අධ්යක්ෂ ජේම්ස් කැමරන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ටයිටන් සබ්මැරීනයේ විනාශවීම ගවේෂකයන්ට අහිතකර ලෙස බලපානු ඇතැයි තමා කනස්සල්ලට පත්ව සිටින බවයි.
“මෙම සිත් ඇදගන්නාසුළු ස්ථානය වෙත යෑමට මුදල් යොදවන්නේ බරපතල කුතුහලයක් ඇති ධනවත් පුද්ගලයන්. මට සියල්ලන් අධෛර්යමත් කිරීමට අවශ්‍ය නැත. නමුත් මම හිතන්නේ එය දැන් පාඩමක් වී ඇති බවයි. ඔබ වාහනයකට යන්නේ නම්, එය ගුවන් යානයක් හෝ මතුපිට යාත්‍රාවක් හෝ ගිල්විය හැකි එකක් වුවත්, එය සහතික කිරීමේ ආයතන හරහා සිදු වූවක් බවට වග බලා ගන්න.” යැයි ජේම්ස් කැමරන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
(CNN)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart