
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය වන කොටගල කේම්බ්‍රිජ් දමිළ විද්‍යාලයේ විවේක කාලයේදී ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවකු උඩ පන්දුවක් රැකීමට ගොස් ලිස්සා පාසල් ගොඩනැගිල්ලක බිත්තියක ගැටී බරපතළ තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ගිලන් රියකින් රැගෙන යමින් සිටියදී ඊයේ (4) මියගොස් ඇතැයි දිඹුල පතන පොලිසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, එම පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිව සිටි ශිවකුමාර් නදිෂ් නමැති 18 හැවිරිදි සිසුවායි.
පාසල් විවේක කාලයේදී තවත් සිසුන් පිරිසක් සමග පන්දුවකින් සෙල්ලම් කරමින් සිටියදී පන්දුව ඇල්ලීමට දිවගොස් ඇති සිසුවා ලිස්සා ගොස්හිස ගොඩනැගිල්ලක බිත්තියක ගැටී බරපත තුවාල සිදු වී තිබූ බවත්, සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලේ සිට මහනුවර ශික්ෂණ රෝහලට රැගෙන යද්දී මියගොස් ඇති බවත් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.
සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart