
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තය හරහා පැයට කිලෝමීටර 155 දක්වා ප්‍රභලත්වයකින් හමාගිය තද සුළං හේතුවෙන් නිවාස 90,000 ක පමණ විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම අයහපත් කාලගුණය හමුවේ ගුවන් ගමන් 100 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුව ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
නවසීලන්තයේ කාලගුණ විද්‍යා සේවයට අනුව, සුළං ප්‍රවාහයෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ දකුණු දූපතට සහ උතුරු දූපතේ දකුණු ප්‍රදේශවලටය.
නවසීලන්ත බලධාරීන් අද උදෑසන කැන්ටබරි සහ වෙලින්ටන් ඇතුළු මධ්‍යම ප්‍රදේශවලට ප්‍රභල සුළං පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.
එය සුළං පිළිබඳ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන නමුත් පැය කිහිපයකට පසුව ඒවා ඉවත් කළහ.
සුළඟින් බලපෑම් එල්ල වූ ඇතැම් ප්‍රදේශවල පිහිටි නිවාසවල වහලවලට හානි සිදුව ඇතැයි වාර්තා වන අතර, ගස් හා විදුලි කණු කඩා වැටීමෙන් සාමාන්‍ය ජනජීවිතයට බාධා එල්ල වී තිබිණි. කඩා වැටුණු ගසක අත්තක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි ද වාර්තා වේ.
ආපදා තත්වය පහව යන තුරු ගෘහස්ථව රැඳීසිටින ලෙසත් ගමනාගමන කටයුතු සීමා කරන ලෙසත් විදුලිය හා සන්නිවේදන ඇනහිටීම් සඳහා සූදානම් වන ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart