
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැමිණිල්ලක් විභාග කිරීමට එඬේරමුල්ල පොලිසියට පෙරේදා(25)කැඳවා සිටි පොලිස් විශේෂකාර්ය බළකායේ කොස්තාපල්වරයකු පොලිස් ස්ථානාධිපතිවරයාට පහර කිහිපයක් එල්ල කර සෙසු පොලිස් නිලධාරීන්ට ද පහරදීමට උත්සාහ දරා පොලිසියේ දේපොළවලට හානිකරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි.
එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයක රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරියක, කොස්තාපල් සැමියා පහරදුන් බව කියමින් එඬේරමුල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පොලිස් අඹුසැමි යුවළ මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානයට කැඳවා පැමිණිල්ල විභාග කරන තෙක් ඔවුන් දෙදෙනා පොලිස් චෝදනාගාරයේ රැඳී සිටියදී මෙම සිද්ධිය වී ඇත.
එම අවස්ථාවේ කොස්තාපල් සැමියා සිය කොස්තාපල් බිරිඳට පහරදීමට උත්සාහ කරන අයුරු දුටු පොලිස් ස්ථානාධිපතිවරයා එය වැළැක්වීමට ඉදරිපත් වූ අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා ඔහුට පහර කිහිපයක් එල්ල කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පවසා ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදෙන අයුරු දුටු පොලිස් නිලධාරීන් කිහිපදෙනකු වහා ක්‍රියාත්මක වී සැකකරු අල්ලා මෙල්ල කර ඇතැයි පොලිසිය කියයි.
සැකකාර පොලිස් කොස්තාපල් පොලිසියේ චෝදනාගාරයේ තිබූ විදුලි පංකාවට සහ වී.පී.එන්. කාමරයේ තිබූ වීදුරුවලටද පහරදී අලාභහානි සිදුකළ බව එම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ට පහරදීම, රජකාරියට බාධාකිරීම, කලහකාරි ලෙස හැසිරිම සහ රජයේ දේපොළවලට අලාභහානි සිදුකිරීම යන චෝදනා යටතේ මෙම කොස්තාපල් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට එඬේරමුල්ල පොලිසිය කටයුතු යොදාගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart