
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පුරප්පාඩු තනතුරු සදහා වාර්තාගත රැකියා ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ.
ආරංචි මාර්ග පවසන පරිදි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන්තොටුපළ සේවා නියෝජිත තනතුර සඳහා පමණක් අයැදුම්පත් 18,115 ක් පමණ ලැබී ඇත.
උපාධිධාරී අභ්‍යාසලාභී ඉංජිනේරුවන් සදහා පවතින පුරප්පාඩු වෙනුවෙන් පමණක් අයැදුම්පත් 688 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ලැබී තිබේ.
එමෙන්ම ගුවන් තොටුපළ සේවා නියෝජිත තනතුර සඳහා මෙවර ලැබී ඇති අයැදුම්පත් සංඛ්‍යාව මෑත කාලිනව එම තනතුර සදහා ලද ඉහළම අයැදුම්පත් සංඛ්‍යාව බව ද වාර්තා වෙයි.
”ජාතික ගුවන් සේවය හා එක්වීමට ප්‍රිය කරන උද්යෝගිමත් තරුණයෝ පිරිසක් සිටිති. මෙම අයදුම්කරුවන් සංඛ්‍යාවෙන් පෙන්නුම් කරන්නේ අපගේ තරුණ පරම්පරාව මෙරට ජාතික ගුවන් සේවය සඳහා එක්වී සේවය කිරීමටත්, ගුවන් සේවා ලෝකයට පිවිසීමටත්, ප්‍රීතිමත් ගමනක් ආරම්භ කිරීමටත් ඇති උද්යෝගය සහ උනන්දුව බවයි.” ශ්‍රී ලංකන් ගුවන් සේවය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart