
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ICC පිරිමි T20 ලෝක කුසලානය අවසන් වන තෙක්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස R. ශ්‍රීධර් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ 3 වැනි මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවකු වන ශ්‍රීධර්, 2014 සිට 2021 දක්වා අන්තර්ජාතික තරඟ 300කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරමින් ඉන්දීය ජාතික පිරිමි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු විය.
ඔහු දැන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ ප්රමිතීන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර පාකිස්ථානය සහ එංගලන්තය ඇතුළත් ඉදිරි සංචාරවලදී ක්‍රීඩයින් සමඟ කටයුතු කරනු ඇත.
ඉන්පසු ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා සූදානම් වීමට නියමිතය.
“ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සැමවිටම සහජ දක්ෂතාව, ඔරොත්තු දීමේ හැකියාව සහ සාමූහිකත්වය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. මගේ කාර්යභාරය වන්නේ බලෙන් යමක් ලබාදීම නෙවෙයි. ක්‍රීඩාශීලීත්වය, දැනුවත්භාවය සහ අභිමානය ස්වාභාවිකව වර්ධනය විය හැකි පරිසරයක් පෝෂණය කිරීමයි.” යනුවෙන් සිය පත්වීම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීධර් පැවසීය.
ශ්‍රීධර් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ආගන්තුකයකු නොවේ.
මෙම වසර මුලදී ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ඔහු දින 10ක විශේෂිත පන්දු රැකීමේ වැඩසටහනක් පවත්වා ඇත.
“ක්‍රීඩකයන් පන්දුවට, එකිනෙකාට සහ එම මොහොතට සම්බන්ධ වී ඇති බව හැඟෙන කොට පන්දු රැකීම දියුණු වෙනවා. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ශක්තීන් – ඉක්මන් අත්, තියුණු ප්‍රතිචාර සහ නිර්භීත අභිප්‍රාය ක්‍රීඩාවක් වැනි ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කිරීමෙන් තවදුරටත් වැඩිදියුණු කළ හැකියි,” ඔහු තවදුරටත් පැවසීය.
ඔහුගේ පත්වීම 2025 දෙසැම්බර් 11 සිට 2026 මාර්තු 10 දක්වා ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart