
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනාගත ආර්ථික පීඩනයකදී ආපසු ගෙවීමේ පහසුව සඳහා නිර්මාණය කර ඇති නව බැඳුම්කරයක් ඇතුළුව ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනාවක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ණය හිමියන් විසින් එවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඔක්තෝබර් 02 වැනි දින යවන ලද මෙම යෝජනාව මගින් ණය මුදලේ ප්‍රාග්ධනය සහ පොළී යන දෙකොටසටම සහන ලබාදීමට හෝ කපාහැරීමට අනුමැතිය ලබාදී ඇත.
කෙසේවෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය රොයිටර් පුවත් සේවයට කිසිදු අදහසක් පළකර නැත.
පසුගිය මාර්තු මාසයේදී ලබාගත් ඩොලර් බිලියන 2.9 ක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වාරිකයට අදාළ කොන්දේසි යටතේ, බැඳුම්කර හිමියන්ගෙන් සහ චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ සහතිකයක් ලබාගත යුතු බැවින්, මෙම යෝජනාව ශ්‍රී ලංකාවට තීරණාත්මක පියවරක් වනු ඇත.
අදාළ යෝජනාවේ පිටපතක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලට සහ පැරිස් සමාජ ලේකම් කාර්යාලයට ද යවා ඇති බව මූලාශ්‍රයක් රොයිටර් වෙත පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart