
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරාය නගරය ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය’ ලෙස නම් කර තිබේ.
බ්‍රිතාන්‍ය ෆයිනෑන්ෂල් ටයිම්ස්හි විශේෂ ඒකකයක් වන ‘fDi ඉන්ටෙලිජන්ස්’ විසින් නම්කර ඇති පරිදි එය 2025 වසරේ ගෝලීය නිදහස් කලාප ශ්‍රේණිගත කිරීම්වල තිරසාර කලාප සඳහා ‘ඉතා පැසසුමට ලක් වූ’ සම්මානයකි.
‘fDi ඉන්ටෙලිජන්ස්’ විසින් වාර්ෂිකව පවත්වනු ලබන ගෝලීය නිදහස් කලාප සම්මාන උළෙලේදී ලොව පුරා වඩාත්ම පොරොන්දු සහගත නිදහස් කලාප හඳුනා ගනී.
සෘජු විදේශආයෝජන, නවෝත්පාදන සහ තිරසාර ආර්ථික වර්ධනය පෝෂණය කිරීමේ සුවිශේෂී විභවයන් එහිදී සළකා බලයි.
කොළඹ වරාය නගරය පිළිගැනීම දකුණු ආසියාවේ ප්‍රමුඛතම විශේෂ ආර්ථික කලාපය (SEZ) සහ දැනුම පදනම් කරගත් කර්මාන්ත සහ ආයෝජන සඳහා උත්ප්‍රේරකයක් ලෙස එහි වර්ධනය වන කීර්තිය අවධාරණය කරයි.
“’fDi ඉන්ටෙලිජන්ස්’ විසින් සිදුකළ මෙම පිළිගැනීම අන්තර්ජාතික ව්‍යාපාර සඳහා මධ්‍යස්ථානයක් ලෙස පමණක් නොව, කලාපයේ තිරසාර, දැනුම මත පදනම් වූ නාගරික සංවර්ධනය සඳහා ආදර්ශයක් ලෙසද කොළඹ වරාය නගරයේදී අප ගොඩනඟන ශක්තිමත් පදනම් සඳහා සාක්ෂියකික්.” යනුවෙන් CHEC වරාය නගරයේ කොළඹ කළමනාකාර අධ්‍යක්ෂ සියොන්ග් හොංෆෙන්ග් පැවසීය.
දකුණු ආසියාවේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීම සඳහා අනාගත ආයෝජකයන්ට හිතකර පරිසරයක් ලබා දෙන විශේෂ ආර්ථික කලාපයේ ප්‍රගතිශීලී නියාමන රාමුව මත පදනම්ව, කොළඹ වරාය නගරය ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම කලාපය’ ලෙස සම්මානයට පාත්‍ර විය.
විනිශ්චය මණ්ඩලය විශේෂයෙන් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීම් එකතුව, ආයෝජක විශ්වාසය ශක්තිමත් කරන අන්තර්ජාතික විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානය, වෘත්තීය සේවා, සමුද්‍රීය සහ සැපයුම් යනාදිය ඇතුළු සේවා පාදක අංශ සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉස්මතු කළේය.
තිරසාරභාවය සඳහා ‘ඉතා පැසසුමට ලක් වූ’ සඳහන හරිත අවකාශයන්, බලශක්ති කාර්යක්ෂමතාව සහ වෙරළබඩ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රමුඛත්වය දෙන යටිතල පහසුකම් ව්‍යාපෘති සමඟ පාරිසරික වශයෙන් වගකිවයුතු නාගරික වර්ධනය සඳහා කොළඹ වරාය නගර ආයතනයේ කැපවීම තවදුරටත් අවධාරණය කරයි.
‘fDi ඉන්ටෙලිජන්ස්’ යනු එක්සත් රාජධානියේ ෆයිනෑන්ෂල් ටයිම්ස්හි සෘජු විදේශ ආයෝජන පිළිබඳ විශේෂඥ ප්‍රකාශනයයි.
එහි වාර්ෂික ගෝලීය නිදහස් කලාප ශ්‍රේණිගත කිරීම ලොව පුරා ආයෝජන ප්‍රවර්ධනය සහ තිරසාර ආර්ථික කලාප සංවර්ධනයේ විශිෂ්ටත්වය මිණුම් ලකුණක් ලෙස දක්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart