
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කරන ලද රොෂාන් සිතාරා ඛාන් අසාර්ඩ්, බ්‍රහස්පතින්දා (ජනවාරි 23) දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී රාජකාරි භාරගත් අතර, ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා තානාපතිනිය බවට පත්විය.
දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව, රාජකාරි භාරගැනීමෙන් පසු කාර්ය මණ්ඩලය අමතමින් තානාපති ඛාන් අසාර්ඩ් ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා සහ ශ්‍රී ලංකාව සහ කටාර් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බව පැහැදිලි කර තිබේ.
දෙරට අතර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය තීව්‍ර කිරීමේ සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ඇය අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරිනියක වන තානාපති ධුරයට පත්කරන ලද ඛාන් අසාර්ඩ්, 1998 දී ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වූ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ විවිධ තනතුරු වල සේවය කර තිබේ.
මෑත කාලීනව සාර්ක් සහ ලතින් ඇමරිකාව හා කැරිබියන් කලාපය සඳහා ඇය අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත.
කටාර්හි තානාපති ධුරයට පත්වීමට පෙර, ඇය ලන්ඩන්, චෙන්නායි, දෝහා සහ ඔටාවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ අතර, එහිදී ඇය නියෝජ්‍ය මහකොමසාරිස් සහ වැඩබලන මහකොමසාරිස් ලෙස සේවය කර තිබේ.
තානාපති ධුරයට පත් ඛාන් අසාර්ඩ් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.
ඇය කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart