
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියානු පැසිෆික් සවි එසවුම් ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 120 බර පන්තියේ රන් පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රන්සිළු ජයතිලක විසින් දිනා ගෙන ඇත.
ඕස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා ඇතුළු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද තරඟයට සහභාගී වී සිටියහ.
මෙම ජයග්‍රහණයත් සමඟ රන්සිළු ජයතිලක දැන් ලෝක සවි එසවුම් ආසියානු පැසිෆික් ශූරතාවලියේදී රන් පදක්කම් තුනක් දිනා ඇත.
මෙල්බර්න් හි 4,000කට අධික පිරිසක් ඉදිරියේ ශ්‍රී ලංකා ධජය එසවීමේ ගෞරවය තමාට හිමි වූ බව ජයතිලක සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.
තමන් කිසි විටෙකත් ශ්‍රී ලංකා ධජය පහත නොහෙළීමට කටයුතු කරන බවත් හැකි ඉක්මනින් ලෝක වේදිකාවේ ශ්‍රී ලංකා ධජය එසවීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත් ඔහු සිය සටහනේ සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart