
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු පළාතේ නව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “The colours of Jaffana” නමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නව ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත.
අලංකාර ගෘහ නිර්මාණ ශිල්පය, විචිත්‍රවත් සංස්කෘතික ලක්ෂණ සහ අද්විතීය සූපශාස්ත්‍ර අංග ඇතුළත්ව සංචාරකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීම මෙහිදී අරමුණු කර ඇත.
මේ දිනවල පැවැත්වෙන නල්ලූර් කන්දස්වාමි උත්සවය කේන්ද්‍ර කරගෙන යාපනයේ තේජාන්විත බව සහ විචිත්‍රවත් බව අත්විඳිමට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලන්කන් කටයුතු කරයි.
යාපනයේ මනස්කාන්ත දර්ශන පෙළක් වීඩියෝ පටයක් ලෙස පෙළ ගස්වමින් ආකර්ෂණීය ස්ථාන පිළිබඳ පෝස්ට් මාලාවක් සහ විනෝදාත්මක ප්‍රශ්නාවලියක් ද සමගින් මෙහි ප්‍රචාරණ කටයුතු සිදුකරයි.
ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන් සමාගමේ විනෝදාස්වාද අංශය වන ශ්‍රී ලන්කන් හොලිඩේස්හි යාපනයේ හොඳම ස්ථාන ආවරණය වන පරිදි නිවාඩු පැකේජ මාලාවක් ද හදුන්වා දී ඇත.
එහි සුවිශේෂි සත්කාරක සහකරු වන්නේ ජෙට්වින්ග් හෝටල් සමූහයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart