
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමිල්නාඩුවේ මණ්ඩපම් හි පිහිටි ශ්‍රී ලංකා ද්‍රවිඩ පුනරුත්ථාපන කඳවුරේදී වයස අවුරුදු 13ක දැරියක දූෂණය කරන ලදැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයකුට වසර 22ක සිරදඬුවමක් නියම කර ඇත.
රාමනාතපුරම්හි ‘මහිලා අධිකරණය’ විසින් ඊයේ (18) මෙම දඬුවම නියම කර ඇති අතර වැරදිකරුට තවත් දඩ මුදලක්ද නියමකර තිබේ. අදාළ දඩය නොගෙවන්නේ නම් ඔහුට තවත් මාස හයක සිර දඬුවමක් නියම කළ යුතු බවද අධිකරණය පවසා ඇත. වින්දිතයාට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ලබා දෙන ලෙසද අධිකරණය තමිල්නාඩු රජයෙන් ඉල්ලා ඇත.
ඇන්ටනි මාක්ස් (52) නමැති මෙම විත්තිකරු 2022 ජනවාරි මාසයේදී දැරිය තම නිවසට ගෙන්වාගෙන ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව කියනු ලැබේ.
වින්දිත දැරියගේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පොලිසිය මාක්ස් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart