
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික පොලිසිය විසින් රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් සටහන් කර ඇති ශ්‍රී ලාංකික යුවලක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර, මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා පසුගියදා ඉන්දියාවෙන් පිටුවහල් කර තිබිණි.
ඒ අනුව මෙම පිරිස ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණි පසු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පිරිස රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.
කොළඹ – 05 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් අතර 49 හැවිරිදි පුද්ගලයෙක්, 43 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා වන බව වාර්තා වේ.
2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාවට පළාගොස් තිබිණි.
ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා රුපියල් කෝටි 160ක මුදලක් සිදුකර ඇති බව වාර්තාවී තිබූ අතර , ඔවුන්ට එරෙහිව කොළඹ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ වල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08ක් පනවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart