
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය දෙමළ සිනමාවේ ජනප්‍රිය විකට නළුවකු වන බොන්ඩා මනි ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ.
බොන්ඩා මනි 1983 වසරේදී ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පැමිණ තිබුණේ සරණාගතයකු ලෙසයි.
වකුගඩු ආශ්‍රිත රෝගාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා විය.
මියයන විට ඔහු වයස අවුරුදු 60 පසුකර තිබිණි.
චිත්‍රපට වෙළඳ විශ්ලේෂක ශ්‍රීධර් පිල්ලේ බොන්ඩා මනිගේ මරණය පිළිබඳ පුවත අද තහවුරු කළේය.
සෙනසුරාදා රාත්‍රියේ, චෙන්නායි පොසිචලූර්හි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු ක්ලාන්ත වී ක්‍රෝම්පෙට්හි රජයේ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
පරීක්ෂා කිරීමෙන් පසු වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.
බොන්ඩා මනි දෙමළ භාෂා චිත්‍රපටවල පෙනී සිටි ඉන්දියානු නළුවකු ලෙස ප්‍රකටව සිටියේය.
දශක තුනක කාලයක් පුරා දිවෙන ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 270කට අධික සංඛ්‍යාවක ප්‍රහසන සහ සහාය චරිත සඳහා දායක වී ඇත.
Winner (2003), Englishkaran (2005), Aaru (2005) , Marudhamalai (2007) සහ Kannum Kannum (2008) යන චිත්‍රපටවල ඔහුගේ හි ඔහුගේ රංගනයන් වඩාත් ප්‍රසිද්ධ විය.
ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ඉපදී හැදී වැඩුණු ඔහුගේ මුල් නම කේදීස්වරන්ය.
ඔහු උපත ලබා තිබුණේ පවුලේ පහළොස්වැනි දරුවා ලෙසයි.
සිය මුල් ළමාවිය ශ්‍රී ලංකාවේ ගතකිරීමෙන් පසු ඔහු ඉන්දියාවට සංක්‍රමණය විය.
ඔහු හැදී වැඩුණේ එම්රා.ජී. රාමචන්ද්‍රන්ගේ දැඩි රසිකයෙක් ලෙසය.
මව සහ සහෝදර සහෝදරියන් අටදෙනෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් 1983 දී බෝට්ටුවක නැගී ශ්‍රී ලංකාවෙන් පළායෑමට උත්සාහ කළ නමුත් ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී එල්ල වූ බෝම්බයක් හේතුවෙන් බෝට්ටුව පෙරළී ගොස් තිබේ.
එම අනතුරින් ඔහුගේ මව සහ ඔහුගේ සහෝදර සහෝදරියන් අට දෙනා එම ස්ථානයේදීම මියගොස් ඇත.
බොන්ඩා මනි ප්‍රකාශකර ඇති පරිදි ඔහුගේ වේදිකානාමය නිර්මාණය වී ඇත්තේ බොන්ඩා ආහාරයට ගැනීමට දැක්වූ රුචිය සහ ඔහුගේ උපදේශකයා වූ ගෞණ්ඩමනීගේ නමින් කොටසක් එක්වීමෙන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart