
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරදවා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි පන්දුවාර විස්ස තරගය ලකුණු 73කින් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
සිය මංගල අන්තර්ජාතික පන්දුවාර විස්ස තරගයට පිවිසි දුනිත් වෙල්ලාලගේ සහ අනෙකුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සුපිරි පන්දුකරණයක නිරත වීමෙන් එම ජය ලබාගැනීමට හැකිවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී පන්දුවාර විස්ස තුළ කඩුලු 05ට ලකුණු 162ක් රැස් කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 54ක් රැස්කළේය.
එහිදී ශ්‍රී ලංකා ඉනිමේ 04 වැනි පන්දුවාරයේදී කොදෙව් කණ්ඩායමේ ෂමාර් ජොශප් වයිඩ් පන්දුවක් සමග යොමුකළ පන්දුවාරයට පැතුම් නිශ්ශංක හතරේ පහර 06ක් එල්ල කළේය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 16යි පන්දුවක් අවසානයේ ලකුණු 89කට දැවි ගියේ අන්තර්ජාතික පන්දුවාර විස්ස පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඔවුන් වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි.
දුනිත් වෙල්ලාලගේ කඩුලු 03ක් මෙන්ම මතීෂ පතිරණ, චරිත් අසලංක සහ වනිදු හසරංග කඩුලු 02 බැගින් බිඳහෙළීමට සමත්වුහ.
ඒ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය එකට එකක් ලෙස සමකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුයේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart