
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති අවසන් පන්දුවාර 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 10 විශිෂ්ඨ ජයක් හිමිවිය.
පී සරා ඕවල් ක්‍රිඩාංගණයේදි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ට රැස් කළේ ලකුණු 140ක් පමණි.
එම ඉලක්කය කිසිදු කඩුල්ලක් ලබානොදි පන්දුවාර 14යි පන්දු 03ක් අවසානයේ සපුරාගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවිය.
විශිෂ්ට පිතිකරණයක නිරතවු චමරි අතපත්තු පන්දු 47කදි නොදැවි ලකුණු 80ක් රැස්කළ අතර, ඊට අනගි සහායක් ලබාදුන් හර්ෂිතා සමරවික්‍රම නොදැවි ලකුණු 49ක් රැස්කළාය.
කෙසේ වෙතත් දෙරට අතර තරග තුනකින් යුත් පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරග දෙක ජයගත් නවසීලන්ත කාන්තා කණ්ඩායමට තරගාවලියේ කුසලානය හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart