
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගයේදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 03කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 122ක් පමණි.
ප්‍රබල පන්දුයැවීමක නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ චමරි අතපත්තු සහ අචිනි කුලසුරිය කඩුලු 03 බැගින් බිදහෙළූහ.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 23යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 02ක්,බිදවැටී ලකුණු 123ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
එහිදී විශිෂ්ඨ ඉනිමක නිරත වු චමරි අතපත්තු ලකුණු 48ක් සහ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස්කළහ.
කෙසේවෙතත් , පළමු තරග දෙක ජයගෙන සිටි අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙකට එකක් ලෙස එක්දින තරගාවලිය ජයග්‍රහණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart