
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෙදර්ලන්තය සමග අද පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පාදයක අබාධයක් හේතුවෙන් සහභාගි නොවන බව වාර්තා වෙයි.
ඔහු වෙනුවට සහන් ආරච්චිගේට හෝ චාමික කරුණාරත්නට අවසන් තරගයේදී අවස්ථාව හිමිවීමට නියමිතය.
එමෙන්ම, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පෙරේදා පැවති තරගයේ දි විවේක ගන්වා සිටි ධනංජය ද සිල්වා සහ වනිදු හසරංගද නෙදර්ලන්තය සමග තරගයට කැදවා තිබේ.
දිමුත් කරුණාරත්න තරගාවලියේ තරග 07කට සහභාගි වි ලකුණු 369ක් ලබා වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තුන්වන ස්ථානයේ පසුවෙයි.
පැතුම් නිශ්ශංක එහි දෙවන ස්ථානයේ පසුවන්නේ තරග 07කදි ලකුණු 394ක් ලබාගනිමිනි.
වනිදු හසරංග වැඩිම කඩුලුලාභීහු අතර පළමු තැන සහ මහීෂ් තීක්ෂණ දෙවන ස්ථානයේ පසුවෙති.
ශ්‍රී ලංකාව,මේ වන විට අඛණ්ඩව එක්දින තරග 09ක් ජයගෙන ඇති අතර නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකා අතර සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ආරම්භ විමට නියමිතය.
අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වී අවසන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart