
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම ජයග්‍රහණයට කදුලු 6ක් දවාගත් ජෙෆ්රි වැන්ඩර්සේගේ දස්කම් විශේෂයෙන් ඉවහල් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක් ලබාදුන්නේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 40ක්ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 39ක්ද ලබාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාවට ඕවර 42.2කදී සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි.
එහිදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 6ක් සහ චරිත් අසලංක කඩුලු 3ක් දවාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart