
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චරිත් අසංලකගේ නායකත්වය යටතේ වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය..
කොළඹ ආර්.පෙු්මදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති තුන්වැනි එක්දින තරගය ලකුණු 110 කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජය ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් පිටුව අලුත් කිරීමට සමත්විය.
සනත් ජයසුරියගේ පුහුණුකාරිත්වය යටතේ ඉන්දියාවට එරෙහිව පන්දුවාර විස්ස තරගාවලිය පරාජයට පත්වුවද එක්දින තරගාවලියේ පළමු තරගයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය සාර්ථකත්වය නංවා ගනිමින් තරගාවලියට අවතීර්ණ විය.
අද තරගයේ කාසියේ වාසිය ජයගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක දැවී ලකුණු 248ක් රැස්කළේය.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96කට දැවීගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart